යතුරුපැදියකින්
පැමිණි තරුණයන් දෙදෙනෙක් හැට හැවිරිදි අයකුගේ ගෙල බැඳි රු. ලක්‍ෂ 2 1/2 ක් පමණ
වටිනා රන් මාලය කඩාගෙන යැමෙන් අනතුරුව ඔහු හදිසි හෘදයාබාධයකින් මියගොස් ඇත.
ජාඇල, වැලිගම්පිටිය 59/14 සාන්ත ආනා පල්ලිය පාරේ ඩබ්. රොබින් ප්‍රනාන්දු (60) මෙම කණගාටුදායක මරණයට මුහුණ පෑවේ මෙම අනපේක්‍ෂිත සිද්ධියේ ප්‍රතිඵලයක් වශයෙනි.
දෙදරු පියකු වූ රොබින් ප්‍රනාන්දු මහතා ඉකුත් 11 වැනිදා උදේ කාලයේ නිවසින් ගොස් ඇත්තේ සිය බාල පුතාගේ අවශ්‍යතාවයක් සඳහාය.
සිද්ධිය පිළිබඳව රොබින් ප්‍රනාන්දු මහතාගේ බාල පුතනුවන් වන හෂාන් සජිත් ප්‍රනාන්දු (21) මෙසේ පැවසීය.
මගේ යහළුවකුගේ වාහනය අලුත්වැඩියා කිරීමට එහි අයිතිකරු තාත්තව හඳුනන නිසා යම් සහනයක් ලබා ගන්න ගියා. පසුව අපි තාත්තව රිලවුල්ලේ සිට නිවසට පිටත් කළා.
එද්දී මෝටර් සයිකලයක් නතර කරල තාත්තගෙන් යම් විමසීමක් කරල තියෙනවා. ඒ සමග මෝටර් සයිකලයේ හිටපු දෙදෙනා අංකල් ඔන්න කමිසයේ කොලර් එකේ දළඹුවෙක් කොළ කෑල්ලකින් ඌව ගසා දමනවා කියල තාත්තාගේ කරේ තිබුණු ලක්‍ෂ 2 1/2 ක් පමණ වටිනා රන් මාලය කඩාගෙන පලා ගිහින්.
සිද්ධිය පිළිබඳව පැමිණිලි කරන්නට තාත්තා ක¹න පොලිසියට ගිය විටයි අසනීප වී තිබෙන්නේ.
තාත්තව කණුවන පෞද්ගලික රෝහලකටත්, රාගම රෝහලටත් ගෙන යන්න කීවා. පෞද්ගලික රෝහලින් තාත්තාව රාගම රෝහලට ගෙන ගියා.
ඕපීඩී එකේදී තාත්තව පරීක්‍ෂා කළා. දොස්‌තර මහතා කීවා ප්‍රමාද වැඩියි කියල. තාත්තාගේ මාලය කඩා ගැනීමෙන් පසු ඇතිවූ අනපේක්‍ෂිත තත්ත්වය මත ඇතිවූ හෘදයාබාධයක් නිසා තාත්තා මිය යන්නට ඇතැයි සිතනවා.
රොබින් ප්‍රනාන්දුගේ අනපේක්‍ෂිත මරණයත් සමග ඔහුගේ ආදරණීය බිරිඳ කේ. ටී. එම්. රෝස් මේරි පෙරේරා (58) හා ආදරණීය පුතුන් දෙදෙනා වන හර්ෂ සලම් ප්‍රනාන්දුත් (25) හෂාන් සජිත් ප්‍රනාන්දුත් (21) හැඬු කඳුළෙන් පසුවන්නේ රන් මාලයක් නිසා වූ විපත සිහි ගන්වමිනි.
දේහය පිළිබඳ අවසන් කටයුතු වැලිගම්පිටිය සාන්ත ආනා දෙව්මැදුර සුසාන භූමියේදී (13) ඊයේ සිදුකෙරිණි.