කලාවැව සිඳීයැමට ලක්‌ව තිබෙන නිසා කලාවැව අවට සැරිසැරූ ඇත්තු සහ වල් අලි ඇතුළු සිව්පා සත්තු බීමට ජලය නොමැතිව දැඩි අසීරුතාවට පත්ව සිටිති. මේ දිනවල කලාවැව ප්‍රදේශයට විවිධ පුද්ගලයන් විනෝදවීම සඳහා කණ්‌ඩායම් වශයෙන් පැමිණ සිටීමත්, විවිධ පුද්ගලයන් දිවා රාත්‍රි මාළු ඇල්ලීමේ යෙදී සිටීමත් නිසා වල් අලින්ට රිසි ලෙස ජල ක්‍රීඩාවේ යෙදීමට නොහැකිවී තිබේ. මේ නිසා වල් අලින් අවට ගම්මානවලට කඩා වැදෙති. ඡායාරූපවල දැක්‌වෙන්නේ කලාවැව සිඳී ඇති අයුරුත් ඊයේ (17 වැනිදා) උදැසන දළ ඇතෙකු ජලය බීමට නීකිණියාව වැවට පැමිණ සිටි අයුරුත්ය.




























